සමාජයක දියුණුව කියන්නෙ මොකක්ද?

ඒකට සල්ලි විතරක්ම ඇතිද? බලය විතරක්ම ඇතිද? මොකක්ද ඕන මේකට

සමාජයකට අවශ්‍යතාවය ඇති වියයුත්තේ මෙයටයි. කිසිම නායකත්වයක් නැතිව දුවන මේ අරගලය කොතනින් නවතින්න ද?

කැකෑරෙන වේදනාවට, සාහසික අපරාධ වලට විරුද්ධව නැගෙන ඒ කැක්කුම ට බෑ මේක නවත්තන්න. ඔබ හිතනවාට වඩා මේක බැරෑරුම්. ගොඩක් බැරෑරුම්. ඇයි මේ ගැටුම්කාරී දේවල්. ඇයි?

සාමකාමීව තිබූ අරගලය, ගැටුම්කාරී තත්ත්වයකට හැරෙනවානම් ඒක වැරදි කියලා අහින්සක මිනිසුන්ව දැනුවත් කිරීමට විදිමත් ක්‍රමවේදයක් ඕන. එසේ නැතුව මිනිසුන් එක්රැස් වෙලා වේදනාවට කෝලහාල කරනවිට එයට උල්පන්දම් දෙන නිවට, තර්කානුකූල බුද්ධියක් නැති උගතුන් මෙරටට අවශ්‍යතාවයක් නැත. රජයේ අවශ්‍යතාවයද මිනිසුන් ගේ කෝලහල බව තේරුම් ගැනීමට නොහැකි මිනිසුන් ට ඒගැන නිසියාකාරව පැහැදිලි කර නොදීමමද උගත් ඔබගේ වරදයි.

දැනට මෙලෙස කියමි. රජයේ අල්ලෙ නටන හිත්පිත් නැති මිනිසුන් කිහිපදෙනෙක් රගදක්වන නාට්‍ය වලට අසුනොවන්න. අහින්සක මිනිසුන්ගේ සන්වේදී කරුණු ඉල්ලක්ක කරගෙන, ඒ අහින්සක හිත් වල වේදනාව අවුස්සා කෝලහාල කිරීමට පොලබවා ඔවුන් එතනින් පලායයි. තමන්ගේ වේදනාවට කෑගසන ඒ අහින්සක මිනිස්සු එතන නායකත්වය කැරැල්ල තුලින්ම අරගෙන, අනෙකුත් කාලකන්නි කරන ක්‍රියාවන්ගේ හේතුවලින් තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවයි. මේකයි ඇත්ත. අන්තිමයට මැරෙන්නෙ උබෙත් මගෙත් පන්තියේම, එකම සමාජයේම අහින්සක, මේ පීඩාවන් ඉවසාගන්න බැරුව වේදනාවෙන් ඉන්න මනුස්සයෙක්. උගත් මිත්‍රයා, මදක් සිතන්න! කොතනද අපිට වැරදුනේ?