ඔබ තවමත් තෙල් පෝලිමේද? දවසින් දවස ජීවන වියදම ඉහල යනවා නේද?

පාන් ගෙඩියක් පරිප්පු ටිකක් එක්ක කාල දවස ගෙවපු දුප්පත් පවුලට දැන් කන්න පානුත් නෑ නේද? කෙසේ වෙනස් කරන්නද පවතින තත්ත්වය.

මෙවන් අවස්තාවක ඇමතිවරුන්ට ආයෙත් ගෙවල් දෙනවලු නේද? දැඩිසත්කාරඒකකයන් වහන්න වෙන්වලු නේද? ප්‍රශ්න ගොඩක්. හැම මනුස්සයෙක්කුගේම ජීවිතේ, රටක සුලුතරයක් පාලනය කරනවා. කවදා මේක ඔබ තේරුම් ගන්නද?

මෙය තේරුම් ගත් නියම ශ්‍රී ලාංකිකයන් අරගලේ, මනුෂ්‍යත්වය අදුනන කොල්ලො කෙල්ලො ටික අන්තරේ. දවස් ගනන් බඩගින්නෙ, වැස්සෙ තෙමි තෙමි උබල අපි වෙනුවෙන් උන් උන්ගෙ කාලය, දහඩිය, කැප කරනවා. පොඩ්ඩ්කට හිතපල්ල ඇයි උන් කෑගහන්නෙ කියල. ගෙවල් වලට ඉන්න බැරි අමාරුවකට ද? නැත්තම් රුපියල් 5000 කටද? අරක්කු කාලටද?

නෑ යකෝ. උබලගෙ අපේ ජීවිත වෙනුවෙන්. අපේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන්. තේරුම් ගනිල්ල. එකතු වෙයල්ල. එකෙක් අයින් උනා කියල system එක වෙනස් වෙන්නෙ නෑ. හිතපල්ල. සංවිධානය වෙයල්ල. නිකරුනේ කෑගහනනෙ නැතුව නායකත්වයක් යටතේ වැඩ කරපල්ල. මේ රට ගොඩ ගන්න පුලුවන්. අවශ්‍යතාවය තියෙන්නෙ නායකත්වයක්. ඒක හොයපල්ල. උගතුන් රැස් කරපල්ල.

හිතපල්ල! තව ගොඩක් හිතපල්ල!!