දෙවියන් හට නෑසේ

දෙවියනි ඔබ කොහිද? කරුමය තමා මේ පඩිසන් දෙන්නෙ!

දෙවියනි ඔබ කොහිද? කරුමය තමා මේ පඩිසන් දෙන්නෙ, අපි කරපු පව් තමා මේ පස්සෙන් එලවන්නෙ. අපේ ආච්චි සීයගෙ ඉදන් පොඩි එකා වෙනකන් හිතන්නෙ මෙහෙම. හරිද? මේක හරිද?

ආගම කියන ඒ මායවෙන් අපේ ඔලු වහගෙන. අපේ ඇස් අන්ධ කරලා. ඇත්ත පෙනි පෙනිත් අපි බොරුවක් මවාගෙන ඒකම අදහන උගත් බූරුවො වෙලා. ඒකම ආයුධයක් කරගෙන, පර දේශපාලුවො අහින්සක මනුස්සයගෙ ජීවිතය අපායක් කරනවා. මේක මාත්, උබත් දන්නවා.

ඇයි උබට බැරි උබ හිතන විදිහ වෙනස් කරගන්න. ඇයි උබට බැරි වැරැද්දක් වෙද්දි, වැරැද්දක් කරද්දි ඒකට විරුද්ධ වෙන්න.

රට වෙනුවෙන් හිතලා රට වෙනුවෙන් වැරැද්දට විරුද්ධව නැගිටපු , නැගිටින මිනිස්සුව අද හිර ගෙවල් වලට යවද්දි , උබයි මගෙයි කන බත් එක වෙනුවෙන් උන්ගෙ ජීවිතේ කැපකරද්දි , ඇයි උබට බැරි ඒ වීරයන් වෙනුවෙන් ඉස්සරහට යන්න.

අරගලය කරපු මිනිසුන්ට වෙඩි තියද්දි, මරනය පෙනිපෙනී ඉදිරියටම ගිය ඒ මහා පර්වත අද එකින් එක බිද දමමින්, උන්ගේ හීන එලිකරගන්න දගලන දේශපාලකයන්ට තවමත් වැදගෙන ඉන්න බෙලහීන සිවලුනි, තොපිද මේ රටට ශාපයක්. අරගලය කියන්නෙ නිකන්ම නිකන් එකක් , ආතල් ගන්න සුපිරි පොට් එකක්, හෑශ්ටැග් ගහගෙන බුකියෙ පුරාවට පින්තූර දාගෙන , සිංහ කොඩි පොරෝගෙන නිකන් උන්නු නිකමුනි,

ඒ අවස්ථාවට සජීවීව මුහුණ නොදුන්, ඒ වෙඩි හඬ සජීවීව තම දෙසවනට නොඇසු, මරණ බිය නොදැනුන තොපේ විවේචන, බොරු තර්ක විතර්ක වලින් කිසිඳු ඵලක් නැත. දෙවියන් ඉන්නවා ද නැද්ද කියා මන් දන්නේද නැත. නමුත් එදා ඒ ඉස්සරහට ගිය අභීත මිනිසුන්ට හිස නමා ආචාර කරන්නට දෙවරක් සිතනේද නැත . නොපෙනෙන දෙවියන්ට වඩා ඒ මිනිසුන් ට පිදීම උතුම්‍ ය.

මේක අපේ වෙලාව, කර්මය, දෙයියන්ගෙ කැමැත්ත කියාගෙන ඉන්න මිනිසුන් සිටින තාක් කල් අපේ රට අගාධයෙන් අගාධයකටම යන එක නවතාලිය නොහැක.


අවසන දෙවියන්ගෙන්ද පැනයක් ඇත අසන්නට.

රටක්, මිනිසුන්ගේ ජීවිත, හීන, විනාස කරපු ඒ පර දේශපාලකයන්ට, ඒ හොර මිනිසුන් ට ඔබගේ උදහසින් දඩුවම් දෙන්නෙ නැද්ද?
ඔබත් සල්ලිකාරයට එක නීතියක් ගෙනෙන, දුප්පතාට තවත් නීතියක් කක්‍රියාත්මක කරන දෙවියෙක්ද? ඇත්තටම ඔබ ඉන්නවාද?