“මිහි කතගේ තන බුරුල්ලෙන් අකලට වැටුනු කිරි බිංදුව….”

මොකක්ද මේක?

තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක්....

උබේ කාලෙ, උබේ තාත්තගෙ කාලෙ,උබේ සීයගෙ කාලෙ ඉදන් තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රට, මේ වෙනකොට නිලවශයෙන් බංකොලොත් රාජ්‍යයක්….?

48 සුද්දගෙන් ඔය කියන මහලොකුවට පම්පෝරිගහන නිදහසක් අපිට තියනවද? උබට දැනෙනවද එහෙම නිදහසක්??

නෑ, ඇත්තටම නෑ, උබල අපි තාම වහල්ලු.

තාමත් නිදහසක් උබට මට තියා අපේ නූපන් දරුවෙක්ටවත් නෑ මිත්‍රයා…

මේක තමා උතුම්ම, මේක තමා ලස්සනම, මේක තමා දියුණුම, මේකට ගහන්න වෙන රටක් නෑ, ලෝකෙන්ම හොදම මේ රට මේ රටේ හැම දෙයක්ම තියනව හැදෙන්න දෙයක් නෑ..පිරුනු කලයකට තව වතුර දැමිය යුතු නෑ කියල ලදරු වියේ පටන් කවි කතන්දර සිංදු වලින් අපේ ඔලුවලට දාපු මේ පම්පෝරිය නිසාම අපි අද බංකොලොත් රටක් මිත්‍රයා… එක වසරෙ ඉදන් පොඩි උන්ගෙ ඔලුව කන, නිර්මාණාත්මක හැකියාව නැති කරන, පෙලපොත කටපාඩම් කරවල උගතුන් බිහිකොරෝනවා කියල හිතන් ඉන්න අධ්‍යාපන ක්‍රමයෙන් මොනා බලාපොරොත්තු වෙන්නද? 2500 ක ඉතිහසය ගැන කියෝ කියෝ වර්තමානය අනාගතය විනාස කරන කාලකන්නි ඉන්න රටකට දියුණුවක් තියෙන්න පුලුවන් ද?

සිංහල රට, බෞද්ධ රට, ප්‍රව්ඪ ඉතිහාසයෙන් ඔලුව උදුම්ම ගත්තට වැඩක් උනාද? රට ගොඩගියාද? නෑ! හිතමු අපි… නිදහසේ හිතමු… දැන් ඇති, මේක තමයි වෙනස් වෙන්න හොදම වෙලාව මිත්‍රයා,

මේ ඉන්දියන් සාගරයෙ මනරම් ලිදේ ලින් මැඩියෙක් විදිහටම මැරිල යනවද? නැත්නම් මේ ලිදට එපිටින් තියන ලෝකෙ දිහාවට යනවද කියන එක උබට බාරයි.. ජාතිය, ආගම, සංස්‍කෘතිය, පක්ෂ, පාට වලින් වලකරල තියන මේ ලිදෙන් අපි ගොඩ යා යුතුමයි.

ඇත්ත මේක උතුම් රාජ්‍යයක්… ඒ රාජ්‍යය තනන්න ඕනෙත් අපිමයි.. පොඩ්ඩකට මේකෙන් එලියට ගිහින් බලපන්. අනික් රටවල් වල හොද දේවල් අරගනින්. අනික් උන්ගෙ වැරැද්ද විතරක් දකින් ඒ තිරිසන් නූගත් ගතිය දැන්වත් නැති කරගනින්. ඉතිහාසයක එල්ලී නොයා ඉතිහාසය පාඩමක් කරගෙන අපි අපේ රටේ අනාගතේ හදමු මිත්‍රයා… මේ ආකල්පමය වහල්බාවයෙන් මිදුනු දවසක උබට හිතේවි 48 ලැබූ නිදහස නිදහසක් නොවන වග.

හදවතට තට්ටු කරල අහපන්. නිදහස ගැන කියෝන උබට සිරිලංකාවේ නිදහසේ කරන්න පුලුවන් මොකක්ද කියල!

තට්ටු කරල අහපන් මිත්‍රයා. තට්ටු කරල අහපන්.