කාලය නිකරුනේ පෝලිම් වල ලගිනෙක පුරුද්දට ගිහින් වගේ නේද?

අනිත් රටවල තාරූන්‍ය ලෝකය සමග තරඟ කරද්දී, නූගත් පාලකයින් ජනතා බදුවලට කෙල හලමින් තම පුටුව රැකගන්නේ තාරූන්‍යයේම දියුණුව අගාදයට ඇද දමමිනි.

මිත්‍රයා,

තාම අපිට මේ ප්‍රශ්නෙ නොතේරුනේ ඇයි? මේ රටට මෙහෙම උනේ ඇයි? උබත් යන්න ඇති අරගලයට, ගිහින් වැනුව නේද කොඩිය? “ජය බන්දා ලොවේ දජ ලෙලවා අපේ අපි එනවා මගේ අම්මේ….”

මයිල් කෙලින් උනා නේද? දැන් හරි උබට ඕන දේ ලැබුනා ඉතිං අපි ගොඩ ගියාද? නෑ මිත්‍රයා අපි තාම එකතැන ☝️

අරගලය නොකඩවා තිබිය යුතුයි. කොහෙද? පාරක් පාරක් ගානෙ, පංසලක් පල්ලියක් ගානෙ, හැම ගමකම නගරෙකම…..?

නෑ මිත්‍රයා,

අරගලය තිබිය යුත්තේ උබෙත් මගෙත් හදවතේ. අපේ හෘද සාක්ශියට එකගව අපේ අරගලය නොකඩවා පවත්වාගත යුතුයි. මේ අමාරු කාලෙදිත් සීමිත තෙල් ටික එකතු කරගෙන වැඩි ගානට විකුණනවානම්, මැර කමින් වංචාවෙන් පෝලිමක ඇතුලින් තමාගෙ වාහනේ ඔබාගන්නවනම්,තමාගෙ බඩ ගැන විතරක් හිතලා කෑම බීම එකතුකරගන්නවනම්, අඩු මිලට තිබුණු දුප්පතාගෙ සයිකලේ ගිනි ගනන් වලට විකුනනවානම්, අපි කොහොමද බං නැගිටින්නෙ ? මේ රට කොහොමද ඉස්සරහට යන්නෙ? මට කියපං තාමත් හැමදේටම වැරදි පාලකයොද? උන්ට සේරම වැරැද්ද පටවල අපි අපිම ගැටුනම හරිද? කෝ උබලගෙ ආදරේ අරගලය? රැල්ලට නොදැනිම ගියා නේද?...

අපිට තාම හීන දුර නෑ මිත්‍රයා…

කපිතාන් නැව ගෙන ගියත් නැතත් එන්න අපි හබල් ගාමු…බලය අපේ කරගමු…හැමෝම එකා වගේ අත්වැල් බැදගෙන ඉස්සරහටම හබල් ගාමු…ගොඩබිම දුර නෑ මිත්‍රයා එන්න ගොඩබිම තෙක් හබල් ගාමු…දැන් ඇති නැගිටිමු… 🇱🇰🇱🇰🇱🇰

“උගත් උවත් බූරුවෙක් නොවන්න. උඩුගම් බලා පිහිනන බුද්ධිමතෙකු වන්න”