උද්ධමනය වැඩි වී ඇති රටවල් වලින් 3වෙනි ස්ථානයට ලංකාව පත්වෙලා ලු නේද?

තාමත් ඔබ ආතල් post හදනවාද? තාමත් ඔබට මේක විහිලුවක් ද?

තමන් උපාධිධාරීන්, වව්‍යවසායකයින්, බුද්ධිමතුන් එකී නොකී වෙනත් රැකියාවල යෙදෙන පිරිස්, මහා උගත් කියා පම්පෝරි ගසන පිරිස් මෙලෙස සෑම දෙයක්ම විහිලුවට ගනිමින් කරන නූගත් ක්‍රියාවලට 😆react කිරීම වැදගත් උනු සමාජයකට උරුම වියයුත්තේද මෙවන් රටකි! ආර්ථිකයකි!!

දුක නම් උගත් කියා දගලන නූගත් උඹලා ගැන නොවේ. එදා වේල කන්න නැතුව, කිරි ටිකක් බොන්න නැතුව, පාරෙ අයිනෙ පොඩි කඩේට ගෑස් එකක් ගන්න නැතුව ඉන්න මිනිසුන් ගැනය. ඔවුන්ට ලොකු ලොකු හීන නැත. පොඩි එකා අඩද්දී දෙන්න කිරි එක, බඩගින්නට කන්න පාන් ගෙඩියක් ගන්න එක, ඔවුන්ගේ අවශ්‍යතාවයයි. ඔවුන්ගේ හීනයයි. එවන් මිනිසුන්ට අත්වී ඇති ඉරණම කෙතරම් අසාධාරණ ද?

උගත් කියා දගලන උඹලා වැනි මිනිසුන් ඉන්න තාක් කල් අප රට දවසින් දවසින් මහා අගාධයකට ඇදවැටමින් තිබේ. මේ කාලකන්නි මිනිසුන් ගේ ආකල්ප කවදා වෙනස් වෙයිද? කවදා මිනිසුන් පරිනත වේද? මිනිසුන් ගේ දුක හදුනන්නේ නැති අවජාතකයින් සමාජ ජාල වල සෑම දෙයකටම හිනා වෙවී සිටිමින් දුප්පත් මිනිසාව ඝාතනය කරමින් සිටියි. මෙය සිනාසෙමින් ආතල් ගැනීමට කාලයක් නොවෙයි. සෑම දෙනාටම පාරක් පාරක් ගානෙ අඩ අඩ යන්න වෙන කාලය ලගා වෙමින් පවතී.

තේරුම් ගන්න මිත්‍රයා . අපව දවසින් දවස ඝාතනය වෙමින් පවතින රටක තවත් සිනහසෙමින් සිටීම අන්තර්ජාතිකව අප රට අපකීර්තියට පත්වෙන බව කවදා ඔබ තේරුම් ගනීද?