අරගල කිරීම වරදක්ද?

පාලකයො අරගලය මර්ධනය කරන්න හදන්නෙ ඇයි? මර්ධනයට එරෙහිවෙමු!

මිත්‍රයා,

ඉතාමත් සරළ උදාහරනෙකින් අපි සංවාදය පටන්ගමු.

කුඩා දරුවෙක් සීනි බෝතලෙන් හොරෙන් සීනි කෑම වරදක් නොවේ. යම් හෙයකින් එම ක්‍රියාව ඔහුගේ ලමා කාලයේ අයිතිවාසිකමක් ලෙසද ඔහුට සිතෙන්න පුලුවන්. නමුත් තමන්ගේ මවට,පියාට අසු නොවෙන්නට කුඩා දරුවා තම අයිතිවාසිකම වෙනුවෙන් සූක්ශමව ක්‍රියා කරනවා නේද? ඒත් ඒ දරුවා සීනි බෝතලෙත් හිස් කරල..සීනි කකා ඉන්න ෆොටෝ එකකුත් රාමු කරල හැමෝටම පේන්න බිත්තියක එල්ලල තිබුනොත් කොහොමද?

හිනා ගියා නේද? ඒ තරම් මෝඩ වැඩක් තවත් නැති බව සිතුනද ?

දූශිත පාලනයට විරුද්ධව අව් වැසි නොබලා වේල් ගනන් බඩ ගින්දර උහුලගෙන උබ,මම,අපේ අනාගතේ,අපේ දෙමව්පියො,දරුවො මේ හැමෝම වෙනුවෙන් පාරට බැහැල අරගල කරපු කොල්ලො කෙල්ලො අද එකා දෙන්නට මාංචු වැටෙන්නෙ ඇයි කියල හිතුවද?

සමාජ මාධ්‍යවල විතරක් දිග හෑලි ලියාගෙන අපිත් ගියා අරගලයට හෑශ් ටැග් එක්ක සිංහ කොඩිය පොරවන් ඉන්න ෆොටෝඑකද උබ හිතපු අරගලේ?

සීනි කාලා ෆොටෝ එක රාමු කරල එල්ලපු පොඩි දරුව කරපු මෝඩකමට හිනා ගිය උබට ඇයි ජනපති පුටුවෙ වාඩි වෙලා ගත්ත සෙල්ෆිය නිසා ආතල් ගන්න වීඩියෝ එක නිසා ලෝකෙටම මේ රට විහිලුවක් වෙනව කියල නොතේරුනේ?

“ඒ සමාජ මාධ්‍යයේ ඒ උබ දාපු සාක්ශියෙන් අනාගතේ රටට බිහිවෙන්න තිබ්බ නායකයො ඒ වටින මොල, අදහස් මේ පාලකයන්ගෙ කුරිරු මර්ධනයට ගොදුරුවෙලා සදහටම නිහඩ උනොත්, මේ රට ගොඩගන්නෙ කව්ද කියල හිතුනෙ නැද්ද?”

වැරැද්ද වෙලා තියෙන්නෙ අපේ අතින්ම නේද?

පපුවට තට්ටු කරල අහපන් උබත් ඒ වරදෙ කොටස් කාරයෙක්ද?
උබත් අයිතිවාසිකම් දිනාගත්තු රටේ අනාගතය වෙනුවෙන් රෑ දවල් නොනිදා කරපු ආදරයේ අරගලය පාවල දීපු එකෙක් උනාද?

මගෙ උගත් මිත්‍රයා,

මේ බලකොටුවෙ පදනම තමයි අපි…
උබ, මම මේ බිම් මට්ටමේ පීඩිත අපි හැමෝම...
මේ රටේ පොදු මතය එකක් වෙලා ශක්තිමත් පදනමකින් නැගී සිටියානම්
අපිට මේ බලකොටුව ඉදිකරන්න අමාරු නෑ මිත්‍රයා…